Friday, August 3, 2018

සපත්තු පොලිෂ්

සපත්තු පොලිෂ් 




රෝද පාරවල් වලට මැකිච්ච 
කහ ඉරි මත්තෙන් වාහන ඔබ මොබ දුවද්දි
අහක බලාගෙන අගේට මිනිස්සු පාර 
මාරු වෙද්දි
කලු පාට සපත්තු දෙකක්
කහ ඉරි අස්සෙන් 
පාර මරු වෙලා
ඇවිත්

මාමෙ පොලිෂ් කරමුද 
කියල 
කකුල පොලිශ් කොට්ටෙ උඩ තියලා
වයසක මන් දිහා බලපු
කොල්ලා
තරුණයෙක්

මදින්නට කොස්සක් නැති අපි
රෙද්දෙන් අනික් උදවියගේ දෙන
රුපියලට 
සපත්තු ලෙවකන අපි
මාමෙ කියන වචනයට 
"හා පුතේ "
පද පේලියට ගියේ තප්පරයක්.

නමුත් බියෙන් මුහුන බලද්දි
මුනෙ තිබුනෙ හිනාවක්
මට වචන නෑ
සපත්තු වල ගනන් නොදන්න අපි
සපත්තු පොලිෂ් කරන්නෙ
දූවිල්ල ගෑවුනේ අපි කියල හිතා ගෙන

රෙද්දෙන් හයියෙන් අතුල්ලනකොට
මාමා කාලද කියල අහුනෙ
කලු කලිසමින්මයි
මන් කවදාවත් උදෙටයි හවසටයි 
නොකන බව නොකියා 
ඔව් මහත්තයෝ කියද්දි 
මාමා ඉන්නෙ කොහෙද කියල අහෙන්න ගියෙ විනඩියයි

පේමන්ට් එක 
ඔව් 
ඒක තමයි
මන් හතර කොනම කතාවෙන් 
කියන්න ගියේ සපත්තු දෙකක් අතුල්ලලා
ඉවර වෙන්න ගිය වෙලවයි
රුපියල් 100 අතට වැටුනා
කකුල් සපත්තු දෙක නොකියම 
අඩිය තිබ්බා

එදා රෑ උනා 
උදේ නැගිටිද්දි 
පෙන්නපු හතර කොන් ගලවල දාලා
පේමන්ට් එක කඩනවා
අලුතින් මිනිස්සුන්ට අවිදින්න දුවන්න
ගල් අල්ලපු පාරක් හදන්න

හොඳයි 

මන් 
මන් පොලිශ් කරපු සපත්තු දෙක
කඩන්න උපදෙස් දෙද්දි
හිනා වෙලා 
යන්නම් පුතේ කියලා
කට පුරෝල කියලා
මගේ පොලිශ් ටින් එක මල්ලට 
දා ගෙන නගිට්ටා


සපත්තු නැතිව අයෙ බිම අඩිය තියන්න..




සිහළ මාන්නක්කාර














නරි උගත් බැතිසිත

  ථේරවාද   බුදු   දහම   තුල   බුදුන්වහන්සේ   ධර්මය   මනාවට   අර්ථ   දක්වා   ඇති   බව   අප   දන්නා   කරුණකි .  බුදු   දහම   තිබිය   යුත්තේ   ...