Thursday, November 10, 2022

නරි උගත් බැතිසිත

 



ථේරවාද බුදු දහම තුල බුදුන්වහන්සේ ධර්මය මනාවට අර්ථ දක්වා ඇති බව අප දන්නා කරුණකිබුදු දහම තිබිය යුත්තේ සිතේ නැත්නම් ඇදුමෙද


මේ ප්‍රශ්න වලට උත්තර හිතින් අසන්න 

ඔබ .......... නම් එය අදාල කෙනා පවසනු ඇත


පන්සිල් ගත යුත්තේ කටද ? හිතද?

සිල් ගත යුත්තේ හිතද ?බඩද ?පෙනුමද?

දන් දිය යුත්තේ  ප්‍රමාණය මතද ?පෙනෙන්නටද?

දන් දීම ලෝකයට පෙන්විය යුතු  ?ඔව් නම් ඇයි?

දන් දුන් පසු ඒවා හරියට පරිස්සමින් පර්‍ර්ක්ශා කලයුතුද?

දන් දුන් විට ඒවායේ නම ගැසිය යුතුද?

දානය දී හාමුදුරුවන් වළදන තුරු වටවී බලාසිටිය යුතුද?

දානය යනු දීම යන අර්ථයද?

නැත්නම් 

දානය යනු අත්හැරීම යන අර්ථයද?

බණ ඇසිය යුත්තේ ඉදිරියෙන්ම අසුන්ගෙන ?

නැත්නම් බිත්තියකට හේත්තු වී ?

බණ ඇසිය යුත්තේ කන  නැත්නම් බඩද?

එහෙමත් නැත්නම්  හිතද?

නැත්නම් මොළයද?

ඔවදන් උපදෙස් යමෙකුට දිය යුත්තේ සිතාද නැතිනම්

අත්දැකීමෙන්ද?

ඔවදන් මත තමා පිහිටිය යුතුද?

බුදු දහම ආමිසද ප්‍රතිපත්ති 

බුදු දහම යනු ඔබගේ කුමන අකාරයේ ගැලවුම්කරුද?


ඔබ කවුද?



සිහළ මාන්නක්කාර

( NRJ)

Wednesday, November 9, 2022

කන්තක නුඹ නිදිද?

 


අවුරුදු ගාණනාවක් නොකා නොබී දැරුවන් උස්මත් කර සෑදූ  දැරුවන් තම දෙමාපියන් පාරේ දමායද්දී


කන්තක නුඹ නිදිද?


අලුත ඉපදුන දැරුවා කුණු කූඩේ දමායද්දී 


කන්තක නුඹ නිදිද?


බිරිඳ හෝ සැමියා අතහැර බොහෝ පිරිස් වෙනත් ජීවිත වලට පණ දීමට යද්දී 


කන්තක නුඹ නිදිද?


රටකට මෙච්චර හරියක් වෙද්දි 


තාමත් කන්තක ....නුඹ නිදිද?


ළය පැලෙන්න කාලය ඇවිත් නැගිටින්න කන්තක 


නැහිටින්න



සිහළ  මාන්නක්කාර

(NRJ)

සිනා සෙන්නන්ට අබ මිටක්





පැලෙන්න බණ අහන රටක 

සිනාවෙන්ට අමාරු කාරණාවක් බව නොදන්නවා නොවේඑකට පෝලිමේ තියන් කුරුදු පොලු සත්කාර කරන රටක අමාරුවෙන් හරිසිනාසෙන්න


ඔබ සිනාසෙන කෙනෙක්දැයි පහතින් සැක හැර දැනගන්න


සතුට දැනුන මොහොතක ඔබ සිනාසෙන්න

තමා ගැන ගුණ වයද්දී සිනාසෙන්න

තමා ගැන දොස් කියද්දි සිනාසෙන්න

තරහක් හිතට ආවිට සිනාසෙන්න

කෑමක් රසවිඳින විට සිනාසෙන්න

උදෑසන සෑම අයත් සමගම සිනාසෙන්න

දෙමාපියන් සමග ආදරෙන් සිනාසෙන්න

බිරිඳ සමග උදේ දවල් සිනාසෙන්න

රාත්‍රීයේ දෙදෙනා සමග  අනිවාර්යයෙන් සිනාසෙන්න

දරුවන් සමග ඔවුන්ගේ දවසේ විස්තර ,

 අදහස් අසා සිනාසෙන්න

රෝගී වූ විට සිනාසෙන්න

ලස්සන වෙන්න සිනාසෙන්න

බණින්න සිතෙන විට සිනාසෙන්න

බොරු අසද්දී සිනාසෙන්න හිනා නොවන්න

අනුන්ගේ සතුටකදී සිනාසෙන්න

රැකියාවට යනවිට සිනාසෙන්න

රැකියාවෙන් නැවත එනවිට සිනාසෙන්න

රැකියාව අවසන්ව නිවසට අඩිය තබන විට සිනාසෙන්න

අනිවාර්යයෙන් රැකියාවක සෑම අයෙක්ම එකම මට්ටමේ ‍යැයි දැන  සෑම දෙනා සමගම සිනාසෙන්න

ලොකු රැකියා පොඩි රැකියා ලොව නොමැති බව දැන පාරේ දිවා රෑ වෙහෙසෙන පිරිසිදු කිරීම් කරන මහත්වරුන් 

සමග සිනාසෙන්න

සියලු දරුවන් තමාගේ දරුවන් ලෙස සලකා සිනාසෙන්න

සියලු මිනිස්සුන් එකම පරිණාමයක පුරුක් බව දැන රැළ , කුල , ආගම් මන්ද මානසිකත්වයෙන් මිදී සිනාසෙන්න


හැකි උපරිමයෙන් සෑම විටම සිනාසෙන්න


නමුත්


දුකකදී කෑගසා අඩන්න


මතක ඇතුව සිනාසෙන විට හිත සිනාසෙනවා දැයි විමසා බලන්න . 


සිනාසෙන්නහිනා නොවන්න.

සිනාසෙන්නන්ට මං ගානේ අබ මිටක්




සිහළ මාන්නක්කාර

( NRJ)





නරි උගත් බැතිසිත

  ථේරවාද   බුදු   දහම   තුල   බුදුන්වහන්සේ   ධර්මය   මනාවට   අර්ථ   දක්වා   ඇති   බව   අප   දන්නා   කරුණකි .  බුදු   දහම   තිබිය   යුත්තේ   ...