පැලෙන්න බණ අහන රටක
සිනාවෙන්ට අමාරු කාරණාවක් බව නොදන්නවා නොවේ. එකට පෝලිමේ තියන් කුරුදු පොලු සත්කාර කරන රටක අමාරුවෙන් හරිසිනාසෙන්න.
ඔබ සිනාසෙන කෙනෙක්දැයි පහතින් සැක හැර දැනගන්න
සතුට දැනුන මොහොතක ඔබ සිනාසෙන්න
තමා ගැන ගුණ වයද්දී සිනාසෙන්න
තමා ගැන දොස් කියද්දි සිනාසෙන්න
තරහක් හිතට ආවිට සිනාසෙන්න
කෑමක් රසවිඳින විට සිනාසෙන්න
උදෑසන සෑම අයත් සමගම සිනාසෙන්න
දෙමාපියන් සමග ආදරෙන් සිනාසෙන්න
බිරිඳ සමග උදේ දවල් සිනාසෙන්න
රාත්රීයේ දෙදෙනා සමග අනිවාර්යයෙන් සිනාසෙන්න
දරුවන් සමග ඔවුන්ගේ දවසේ විස්තර ,
අදහස් අසා සිනාසෙන්න
රෝගී වූ විට සිනාසෙන්න.
ලස්සන වෙන්න සිනාසෙන්න.
බණින්න සිතෙන විට සිනාසෙන්න.
බොරු අසද්දී සිනාසෙන්න හිනා නොවන්න
අනුන්ගේ සතුටකදී සිනාසෙන්න.
රැකියාවට යනවිට සිනාසෙන්න.
රැකියාවෙන් නැවත එනවිට සිනාසෙන්න
රැකියාව අවසන්ව නිවසට අඩිය තබන විට සිනාසෙන්න.
අනිවාර්යයෙන් රැකියාවක සෑම අයෙක්ම එකම මට්ටමේ යැයි දැන ඒ සෑම දෙනා සමගම සිනාසෙන්න.
ලොකු රැකියා පොඩි රැකියා ලොව නොමැති බව දැන පාරේ දිවා රෑ වෙහෙසෙන පිරිසිදු කිරීම් කරන මහත්වරුන්
සමග සිනාසෙන්න.
සියලු දරුවන් තමාගේ දරුවන් ලෙස සලකා සිනාසෙන්න.
සියලු මිනිස්සුන් එකම පරිණාමයක පුරුක් බව දැන රැළ , කුල , ආගම් මන්ද මානසිකත්වයෙන් මිදී සිනාසෙන්න.
හැකි උපරිමයෙන් සෑම විටම සිනාසෙන්න.
නමුත්
දුකකදී කෑගසා අඩන්න
මතක ඇතුව සිනාසෙන විට හිත සිනාසෙනවා දැයි විමසා බලන්න .
සිනාසෙන්න. හිනා නොවන්න.
සිනාසෙන්නන්ට මං ගානේ අබ මිටක්
සිහළ මාන්නක්කාර
( NRJ)
No comments:
Post a Comment